2024 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

Posted on Sunday, December 24th, 2023

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය

2024 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.

 

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් 2024 වර්ෂය සඳහා පහත සඳහන් සැපයුම් සහ සේවාවන් ලබාදීම සඳහා සුදුසු ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.

භාණ්ඩ සැපයුම්

  1. ලිපි ද්‍රව්‍ය (ලිපි කවර, ඡායා පිටපත් කඩදාසි, පෑන්, පැන්සල්, ඇමුණුම් කටු, රිබන්, ටෝනර් ආදිය)
  2. කාර්යාල භාණ්ඩ (වානේ අල්මාරි, කැබිනට් සහ පුටු ආදිය)
  3. කාර්යාල උපකරණ (ඡායා පිටපත් යන්ත්‍ර, පරිඝණක යන්ත්‍ර සහ ෆැක්ස් යන්ත්‍ර ආදිය)
  4. විදුලි උපකරණ (විදුලි පංකා, වායුසමීකරණ ආදිය)
  5. මෝටර් රථ අමතර කොටස් (ටයර් ටියුබ්, බැටරි ආදිය)
  6. වියළි ආහාර වර්ග (හාල්, පරිප්පු, පිටි, සීනි ආදිය)
  7. කුස්සි මෙවලම් ගොඩනැගිලි උපකරණ හා ගෘහ භාණ්ඩ
  8. රෙදි පිළි (ඇඳ ඇතිරිලි, තුවා, සරොන්, සාරී ආදිය)
  9. ප්ලාස්ටික් ඇලුමිනියම් හා හාඩ්වෙයාර් උපකරණ
  10. රෝහල් උපකරණ හා බෙහෙත් වර්ග
  11. සනීපාරක්ෂක වර්ග (මුව ආවරණ, විෂබීජනාෂක දියර, සනීපාරක්ෂක තුවා)

 

සේවා සැපයුම්

  1. මුද්‍රණය හා ලොක් කැපීම, බැනර් හා පෝස්ටර්
  2. විදුලි උපකරණ අලුත් වැඩියාව
  3. ගොඩනැගිලි අලුත් වැඩියාව (බිත්ති වර්ණ ගැන්වීම්, සිවිලිම් අලුත්වැඩියාව , ඇලුමිනියම් පාර්ටිෂන්, බිත්ති වීදුරු පිරිසිදු කිරීම යන ආදිය)
  4. මෝටර් රථ අලුත් වැඩිය කිරීම හා සේවා කිරීම.
  5. පරිඝණක අලුත් වැඩියාවන් සහ නඩත්තුව
  6. වායුසමීකරණ හා ඡායා පිටපත් යන්ත්‍ර අලුත් වැඩියාව
  7. පවිත්‍රතා සේවාවන්
  8. ප්‍රවාහන සේවාවන්
  9. ගබඩා පහසුකම්

10.ආරක්ෂක සේවාවන්

11.ගුවන් ගමන් බලපත්‍ර

12.කම්කරු සේවා සැපයුම්

13.මාධ්‍ය සේවා සැපයුම්

14.හොටෙල් පහසුකම් (නවාතැන් පහසුකම් හා විවිධ වැඩමුළු යන ආදිය)

15.රක්ෂණ ආවරණ කටයුතු (ජීවිත සහ වාහන ආදිය)

16.ජල නල අලුත්වැඩියාවන් (ගලී බට ඇතුළු සියලුම ජල නල)

17. ආරක්ෂිත පානීය ජලය සඳහා ළිං පිරිසිදු කිරීම18. අහාර සැපයුම් සේවා

ඔබ විසින් ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන සැපයුම් හා සේවාවන් කුමක්දැයි වෙන් වෙන් වශයෙන් අපගේ අයදුම් පත්‍රයේ සඳහන් කල යුතුය. සෑම සැපයුමකටම රු.750/- බැගින් වූ ලියාපදිංචි ගාස්තුවක් මුදලින් අය කෙරේ.අපගේ ඉල්ලුම් පත්‍රය ලබාගැනීම සඳහා ඔබ ලියාපදිංචි වීමට අදහස් කරන සැපයුම් හෝ සේවාවන් සඳහා අදාළ ගාස්තු ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මුදල් අංශයට ගෙවා එම රිසිට්පත මිලදී ගැනීම් අංශය වෙත ඉදිරිපත් කර අයදුම්පත ලබාගත යුතුය.එසේ ලබාගන්නා අයදුම්පත පුරවා මුදල් ගෙවා ලබාගත් කුවිතාන්සියේ පිටපතක් අයදුම්පතේ අමුණා මෙහි පහත සඳහන් ලිපිනයට ලැබෙන සේ එවිය යුතුය.ලිපි කවරයේ වම්පස ඉහල කෙලවරේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම යනුවෙන් සඳහන් කරන්න.තවද ලියාපදිංචි වීමේ අවසන් දිනය 2024.01.23 දක්වා පමණක් බව කාරුණික වන්න.

අධ්‍යක්ෂ ජනරාල්,

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය,

106, ධර්මපාල මාවත,

කොළඹ 07.